නිවන් මගට පැමිණීම
නිවන අත්විදිමු.
නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය
ලැබිමය .
ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ
සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව
බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන්
ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම්
සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය
විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන්
පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ.
එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය
සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර
භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ
මාපිය
ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස
හඳුන්වනු ලැබේ.
සෝවාන් මගට පැමිණෙන්නහු විසින් මෙකි සැකය නැතිකරගත
යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික
නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න
දැඩිව විස්වාස කලයුතුය.
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත්
රුකුලක් වන්නේය.
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත
සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි
විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි
අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන්
වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ
.
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට
බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය
නිවැරදි කරගතයුතු වන්නේය.
එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන
බවට දැඩිව තීරණය කරගත යුතු.
සක්කාය දිට්ටිය ,
විචිකිච්චාව
,
සීලබ්බත පරාමාස
යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම
සෝවාන් මගට
පැමිණිය යුතුමය.